අලුත් ආණ්ඩුව ජනපති පත්වූ වහාම – කතානායක

ලබන 20දා පත්වන නව ජනාධිපතිවරයාගේ ප්‍රථම වගකීම නව අගමැතිවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පැවසීය.
එතෙක් පැවැති ඇමැති මණ්ඩලයම වැඩබලන ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී පත් කෙරෙන ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් විය යුතු යැයි මෙයට පෙර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ හමුවේදී තීන්දු වූ බවද කතානායකවරයා වැඩිදුරටත් කියා සිටියි.

