කතෝලික රදගුරු සම්මේලනය සියලු‍ මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම

කතෝලික රදගුරු සම්මේලනය සියලු‍ මන්ත්‍රීවරුන්ගෙන් කළ ඉල්ලීම

දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසෙකලා අන්තර්වාර ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත් කර ගැනීමට එකඟතාවකට එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු‍ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පත්කර ගන්නා ජනාධිපතිවරයා හා අගමැතිවරයා සම්බන්ධයෙන් සියලු‍ දේශපාලන නායකයින් තවමත් එකඟතාවකට පැමිණ නොමැති බවයි එම සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

වත්මන් අර්බුදය තුළ රට ඉදිරියට ගෙන යාම පිණිස නිශ්චිත කාලසීමාවක් සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීම යුගයේ අවශ්‍යතාවය බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා.

ප්‍රතික්ෂේප කළ නායකයන්ට තවදුරටත් රටේ පාලනය භාර නොදිය යුතු බවත්, සියලු‍ දෙනාගේ විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්කර ගැනීමට එකඟතාවකට එන ලෙසත් එම සම්මේලනය සියලු‍ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

එසේ නොවුණහොත් තත්ත්වය වඩාත් උග්‍ර වන අතර දැනටමත් තේරී පත් වී සිටින මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති වී යනු ඇති බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය අවධාරණය කරන්නේ.