මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් පළකෙරෙන දැන්වීම් පිළිබඳව විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකෙරෙන දැන්වීම් පිළිබඳව විමර්ශනයක්
ආරම්භ කර ඇති බව පොලීසය පවසයි.
පො ලීසිය පවසන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ
පළකරන බවට නිරීක්ෂණය වී ඇති බවය.
ඒ අනුව, එවැනි දැන්වීම් පළකරන පුද්ගලයින් හා ඒවා සකස්කරන, බෙදා හරින, සංසරණය කරන පුද්ගලයන්
සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය විශේෂ අවධානය යොමුකර
ඇත.
එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියා ත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය
පොලිස්පතිවරයා යටතේ ක්‍රියා ත්මක වන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පොලිස් මූලස්ථානය මගින් මේ වනවිට උපදෙස් ලබා දී ඇති බව පොලීසිය සඳහන් කළේය.

