ඩොනෙට්ස්කිහි භූමිය යුක්රේනයෙන් උදුරා ගන්න රුසියානු මෙහෙයුම්

ලෝකයේම දැඩි අවධානයක් නිර්මාණය කිරීමට සමත් වූ රුසියානු – යුක්රේන යුද අර්බුදයේ තවත් යුදමය පියවරක් තැබීමට මේ වනවිට රුසියානු හමුදා සූදානම් වෙමින් සිටිනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඔවුන් නව බටහිර පන්නයේ අධි තාක්ෂණික යුධෝපකරණ රැසක් මේ වනවිට නව යුද පියවරක් තැබීම වෙනුවෙන් සූදානම් කර ඇති බවයි.
රුසියාව මේ වනවිට යුක්රේනයේ ප්‍රධාන නගර වන මරියුපොල්, කිව් නගරවෙත ප්‍රහාර එල්ල කරමින් ඩොන්බාස්ක් කලාපයෙන් ඊට ඇතුළ් වුව ද, ඔවුන්ට දීර්ඝ කාලයක් සිය යුද අණසක යුක්රේන භූමිය තුළ රඳවා ගන්නට අවස්ථාව ලැබුණේ නැහැ.
යුක්රේනයට ප්‍රබල යුරෝපා රාජ්‍යයන් වන බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව, අමරිකාව ආදී රටවලින් ද යුද සහාය හිමිවන්නට වුණා.
කෙසේවෙතත්, දැන් තත්ත්වය වන විට රුසියානු හමුදාව විසින් ඩොනෙට්ස්කිහි භූමිය යුක්රේනයෙන් උදුරා ගැනීමටයි මාන බලමින් ඇත්තේ.
මේ හේතුවෙන් අදාළ අරගල භූමිය ලබා ගැනීමට නැගෙනහිර යුක්රේනයේ බිහිසුණු යුද ගැටුම් ආරම්භ වී තිබෙනවා.
ඊයේ සහ පෙරේදා දිනයේ දී නැගෙනහිර ඩොනෙට්ස්ක් හි ජනාවාස වෙත වෙඩි තැබීම ද රුසියානු හමුදා විසින් සිදු කර තිබෙනවා.
එම ප්‍රදේශයේ ජනාවාස ලුහාන්ස්ක් කලාපයේ සිට ඩොනෙට්ස්ක් කාර්මික නගර දෙසට තෙක් පැතිර යන අතර, මේ වනවිට රුසියානු හමුදාව විසින් සිවිල් වැසියන්ට අනුකම්පා විරහිතව ප්‍රහාර එල්ල කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

