පසුගිය රජය ආර්ථික ක්ෂේත්රයේ යම් කරුණු වසන් කරා – වැඩබලන ජනපති

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සී.එන්.එන් මාධ්‍යයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.
එහි දී ඔහු අවධාරණය කර ඇත්තේ, පසුගිය රජය විසින් ආර්ථික ක්ෂේත්රයේ යම් යම් කරුණු වසන් කර ඇති බවට යි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ රජය සත්‍යය ප්‍රකාශ නො කළ බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යා යුතු බවත් රනිල් වික්‍රමසිංහ පසුගිය සඳුදා (18) සී.එන්.එන් මාධ්‍යයට පැවසුවා.
“මම මිනිස්සුන්ට කියන්න කැමතියි ඔවුන් දුක් විඳින්නේ මොක ද කියලා. අපි ආපස්සට ගියා. අපි උඩට එන්න ඕන. අපිට අවුරුදු 5ක් අවුරුදු 10ක් අවශ්‍ය නැහැ. ලබන වසර අවසන් වන විට අපි ස්ථාවර වීමට පටන් ගමු. නිසැකව ම 2024 වන විට වර්ධනය වීමට පටන් ගන්නා ක්‍රියාකාරී ආර්ථිකයක් ඇති කර ගනිමු” යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ පවසනවා.
පසුගිය සතියේ රටින් පලා ගිය හිටපු නායක රාජපක්ෂ විසින් වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමෙන් පසු, වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සී.එන්.එන් සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාව ජාත්‍යන්තර ප්රවෘත්ති සංවිධානයක් සමඟ ඔහු කළ පළමු සම්මුඛ සාකච්ඡාව යි.

