පාසල් නිවාඩුව තවත් දිගුවෙයි

පාසල් නිවාඩුව තවත් දිගුවෙයි

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් ජූලි 25 සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

21 වන දින පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්වය සලකා 25 දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාශ භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.