මන්ත්‍රීවරුන්ගේ අනාරක්ෂිත බව ඇති කරපු අයට පරිප්පුව දෙන්නද රනිල් ආවේ ? (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 134ක් ඡන්දය ලැබීමට හේතුව මන්ත්‍රීවරුන්ට තිබුණ අනාරක්ෂිත මනස යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසා සිටියා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වන්නේ, අවිචාරවත් අරගළය විසින් මන්ත්‍රීවරුන් තුළ ඇති කළ අනාරක්ෂිත බව නිසාවෙන් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චෝදනා කරනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොළඹ අද (21) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
වැඩිදුරටත් ඔහු පැවසුවේ දේශපාලන න්‍යායක්, විචාරශීලී කියවීමක්, අනාගත දැක්මක් නැති කරාබු දමාගත් රැවුල් වවාගත් ලිබියාවෙ වැනි පිරිසක් මෙම අරගළය සිදු කළ බව යි.
අද (ජූලි 21) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
“අපිට ආරක්ෂාවක් නැහැ, ඒගොල්ලෝ හිතන්නේ එහෙම. ගෙවල් ගිනි තිබ්බා. ගමට යන්න බැහැ. එනවා ප්‍රචණ්ඩකාරී ලෙස පහර දෙන්න. ඔක්කොට ම කලින් මේ තත්ත්වය ඉවර කරන්න ඕන. මේක තමයි මන්ත්‍රීවරුන් 134 රනිල් වික්‍රමසිංහ මහත්තයට ඡන්ද දෙන්න බලපාපු ප්‍රධානතම හේතුව. ඒ මනස ඇති කළේ කවුද? අරගලය.
ඒ ගොල්ලො හිතනවා ගෝඨාභය රාජපක්ෂ රටින් පිටව ගිය වෙලාවේ පාර්ලිමේන්තුව වට කරන්න. සුනිල් හඳුන්නෙත්තිලා, ලාල් කාන්තලා කට්ටියක් එකතු වෙලා පාර්ලිමේන්තුව තව ත් ජනාධිපති ලේකම් කාර්යාලය බවට පත් කර ගන්න තව ත් අරලිය ගහ මන්දිරයක් බව ට පත් කර ගන්න උත්සහ කරපු වෙලාවේ ඒකට ඉඩ නොදී හදිසි නීතිය ඇඳිරි නීතිය දාලා ආරක්ෂක අංශවලට නියෝග නිකුත් කරලා හොඳට ගැහුවේ රනිල් කියලා ඒගොල්ලෝ හිතනවා. එහෙම රනිල් කෙනෙක් ඕන කියලා ඒගොල්ලෝ හිතනවා. දේශපාලන න්‍යායක්, අනාගත දැක්මක්, විචාරශිලී කියවීමක් මොනවත් නැතුව කනේ කරාබු දාගත්තු රැවුල් කාරයෝ අරෙහෙ මෙහේ ලිබියාවේ මොක්කු ද වගේ කට්ටිය දාගෙන හෙන වීරයෝ වෙලා සුන්දර කතා කියලා ඔක්කොම ෆෝම් කරලා අන්තිමට ගෙනාවේ රනිල්.“
ඔහු මාධ්‍ය හමුවේ දැක්වූ අදහස් පහතින් නරඹන්න,

