මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි, ජනතාවගේ මිතුරෙක්

මම රාජපක්ෂලාගේ මිතුරෙක් නෙවෙයි, ජනතාවගේ මිතුරෙක්

තමන් රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් නොවන බවත් තමන් ජනතාවගේ මිතුරෙක් බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවසීය.

ජනපතිලෙස තේරීපත්වීමෙන් අනතුරුව හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව ඔහුට යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනපතිවරයා මේ බව පැවැසීය.

ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින් සහ දෙස් විදෙස් මාධ්‍යවේදීන් බොහෝ පිරිසක් ද ඒ අවස්ථාවට එක්ව සිටියා.

එහිදී බ්‍රිතාන්‍යය sky news මාධ්‍යවේදියා ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ, මෙරට ජනතාව වෙනසක් බලාපොරොත්තු වන බවත් පැරැණි රාජපක්ෂ හිතවාදියකු වන ඔබ එම වෙනස සිදු කරන්නේ කෙසේද කියයි.

මම කොහොමද රාජපක්ෂවරුන්ගේ මිතුරෙක් වෙන්නේ.

මම දන්න දා ඉඳලා ඔවුන්ට එරෙහි ව සිටි පුද්ගලයෙක්.

ඔබ දැන් අද පිටරට ඉඳලා ඇවිල්ලා මගෙන් අහනවා ඔබ රාජපක්ෂ හිතවාදියෙක් නේද කියලා.

ඔබ මෙතන ඉන්න ඕන කෙනෙක් ගෙන් අහන්න අර ඉන්නේ රාජපක්ෂගේ මිතුරන්. ඔබ කොහොමද ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන වෙනස සිදු කරන්නේ?

මම ශ්‍රී ලංකාවේ ජනතාව බලාපොරොත්තු වෙන වෙනස සිද්ධ කරන්න සූදානම්. මම ඔබට එක දෙයක් කියන්නට කැමතියි.

ජනමාධ්‍යවේදියෙක් විදිහට ඔබ ගැඹුරු විමර්ශනවලවල නිරත විය යුතුයි මේ වගේ ප්‍රශ්න අහන්න එපා. ඔබ එතකොට රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නොවේද?

මම රාජපක්ෂවරුන්ගේ හිතවතෙක් නෙවෙයි මම ජනතාවගේ මිතුරෙක්. ඔබට තව දෙයක් කියන්නම් මම මීට පෙර ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග සමග කටයුතු කර තිබෙනවා.

මම කිසිම අවස්ථාවක ඇය වෙනුවෙන් ඡන්දය භාවිත කර නැහැ. ඇය එක් පක්ෂයකට අයිති‍යි මා තවත් පක්ෂයකට අයිතියි. මා රාජපක්ෂවරුන් සමඟ එක්ව කටයුතු කරනවා කියන එකෙන් මා ඔහුගේ මිතුරෙක් යැයි හැඟෙන්නේ නැහැ. මා එතුලින් බලන්නේ මට තිබෙන අවස්ථාවන් සහ මගේ පක්ෂය ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවන් පිළිබඳ සොයා බලන්නට පමණයි.