8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21) දිවුරුම් දුන්නා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී.

පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ ශ්‍රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යි.

ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්න්දයෙනු යි ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණේ.

ඒ මන්ත්‍රී ඡන්ද 134ක් ලබා ගනිමින්.

අද දිනයේ ඇති විශේෂත්වය වන්නේ, ලොව පළමු අගමැතිනිය වන සිරිමා බණ්ඩාරනායක දිවුරුම් දුන්නේ ද 1960 ජුලි 21 වැනි දිනයක වීම යි.

එසේ ම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පත් වන්නේ ද 1977 ජූලි 21 වැනි දායි.