ඉතාලියේ අගමැති ඉල්ලා අස්වෙයි

ඉතාලියේ අගමැති මාරියෝ ඩ්‍රාගී ඉල්ලා අස්වී තිබේ.
මීට වසර එකහමාරකට පමණ පෙර ඔහුගේ සමගි සන්ධාන රජය ඉතාලියේ ආණ්ඩුව පිහිටුවීය.
නමුත් එම සමගි සන්ධානයේ මේ වනවිට අර්බුද මතුවී ඇති අතර එබැවින් තමා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති සර්ජියෝ මැටරේල්ලා ට දැනුම් දී තිබුණි.
ඔහුට එරෙහිව මේ වනවිට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් ඇති අතර එය පරාජය කිරීම සඳහා සන්ධානයේ පක්ෂ 3ක් අගමැතිවරයාට සහාය දිය නොහැකි බව දන්වා තිබු බව සඳහන් ය.
මැතිවරණය පැවැත්වෙන තුරු එරට භාරකාර රජයේ අගමැති ලෙස කටයුතු කරන ලෙස ඩ්‍රාගී ට ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.
74 හැවිරිදි ඩ්‍රාගී ඉතාලියේ ජනප්‍රිය පුද්ගලයෙකි.

