ජනපති රනිල්ගේ අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න

ජනපති රනිල්ගේ අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

කොළඹ අගමැති කාර්‍යාලයේදී අද (ජූලි 22) දහවල් නව අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සිදු විය.

එම අමාත්‍ය මණ්ඩලය පහතින් දැක්වේ.

1.දිනේෂ් ගුණවර්ධන – අගමැති / රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
2.ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
3.සුසිල් ප්‍රේමජයන්ත – අධ්‍යාපන අමාත්‍ය
4.බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
5.කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය
6.මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය සහ වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය
7.විජේදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ අමාත්‍ය
8.හරින් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
9.රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය 10.ප්‍රසන්න රණතුංග – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය
11.අලි සබ්‍රි – විදේශ කටයුතු අමාත්‍ය
12.විදුර වික්‍රමනායක – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
13.කංචන විජේසේකර – විදුලි බල හා බලශක්ති අමාත්‍ය
14.නසීර් අහමඩ් – පරිසර අමාත්‍ය
15.රොෂාන් රණසිංහ – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සහ වාරිමාර්ග අමාත්‍ය
16මනුෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
17.ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
18.නලින් ප්‍රනාන්දු – වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය

අදාළ අමාත්‍යවරුන් ඔවුන් මින් පෙර දැරූ අමාත්‍යධුරවලම දිවුරුම්දීම සිදුකර ඇත.

කෙසේ වෙතත් ජී එල් පීරිස් මහතා දැරූ විදේශ කටයුතු අමාත්‍යධුරයේ පමණක් වෙනසක් සිදුව ඇත.

මේජී. එල් පීරිස් දැරූ විදෙශ කටයුතු අමාත්‍යංශයේ අලි ශබ්රි දිවුරුම් දුන්නා.