දුම්රිය ගාස්තු අද සිට ඉහළට

දුම්රිය ගාස්තු අද සිට ඉහළට

සංශෝධනය වූ දුම්රිය ගාස්තු ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව අවම දුම්රිය ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා ඉහළ ගියේ ය.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, පවතින බස් ගාස්තුවෙන් අඩක් වනසේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩිකර ඇති බවයි.

මේ අතර, නිසි ක්‍රමවේදයකින් තොරව දුම්රිය ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති මිලටම දුම්රිය ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සොමරත්න මහතා පැවසුවේය.