පාකිස්ථාන ඩ්‍රෝන යානයකට ඉන්දීය හමුදාවෙන් වෙඩි ප්‍රහාර

ජම්මු – කාශ්මීර දේශ සීමාවේ දී පාකිස්ථාන ඩ්‍රෝන යානයකට ඉන්දීය හමුදාව වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඉන්දීය ආරක්ෂක අංශ පාකිස්ථානය දෙසින් දැල්වෙන රතු එළියක් නිරීක්ෂණය කර ඊට වෙඩි තබා ඇති අතර, මේ වනවිටත් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මීට පෙර ද කාශ්මීරයේ ඉන්දීය විරෝධී ත්‍රස්තවාදීන් වෙත ලබාදීමේ අරමුණින් පාකිස්ථානය දෙසින් පැමිණි ඩ්‍රෝන යානා 20 ක් මගින් ආයුධ සහ පතොරම් බිම හෙළා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

