පාකිස්ථානයත් ශ්රී ලංකාව වගේ වෙන දවස වැඩි ඈතක නැහැ – ඉම්රාන්ඛාන්

ශ්රී ලංකාවේ ජනතාව වීදි වලින් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක නොවන පාකිස්තාන හිටපු අග්රාමාත්ය ඉම්රාන්ඛාන් පවසයි.
අසිෆ් සර්දාරි සහ ෂරීෆ් පවුල විසින් මෙහෙයවන ලද මාෆියාව මාස තුනක කාලයක දී පාකිස්තානය දේශපාලන හා ආර්ථික වශයෙන් දණ ගැස්සූ බව ඉම්රාන්ඛාන් සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
ඔවුන් එය කළේ වසර 30ක් පුරා පකිස්තානය කොල්ලකමින් රැස්කරගත් නීතිවිරෝධී ලෙස රැස්කළ ධනය බේරාගැනීම සඳහා බව ඔහු වැඩිදුරටත් පැවසීය. “මගේප්රශ්නය: රාජ්ය ආයතන කොපමණ කාලයක් මෙයට ඉඩ දෙනවාද?” යැයි ඔහුපැවැසීය.
පකිස්තානයේ ජනතාව ප්රමාණවත් තරම් සිටින බවත් මෙම මාෆියාවන්ට ඔවුන්ගේ මංකොල්ලකෑම් දිගටම කරගෙන යාමට ඉඩ නොතබන බවත් ඉම්රාන්ඛාන්පැවැසීය.
“ශ්රී ලංකාව වගේ අපේ මහජනතාව පාරට බහින දවස වැඩි ඈතක නැහැ,” යනුවෙන් ට්විටර් ගිණුමේ සටහන් කර තිබේ.


