අද විශේෂ ඩෙංගු මර්දන දිනයක්

අද විශේෂ ඩෙංගු මර්දන දිනයක්

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් පැතිරීමේ අවදානමක් නිරීක්ෂණය වීම හේතුවෙන් අද විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර පසුගිය ජුනි මාසය තුලදී පමණක් රෝගීන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

අද රජයේ සහ පෞද්ගලික ආයතනවල පැයක කාලයක් පිරිසිදු කළ යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

COMMENTS