ඉන්දියාවේ නව ජනාධිපතිනිය ලෙස ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි

ඉන්දියාවේ නව ජනාධිපතිනිය ලෙස ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි

ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද(25) දිනයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇය ඉන්දියාවේ 15වන ජනාධිපතිවරයා ලෙසයි දිවුරුම් දෙනු ලබන්නේ

ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ඉන්දියාවේ පළමු ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාව මෙන්ම ඉන්දියාවේ ජනාධිපති ධූරය හොබවන දෙවන කාන්තාවද ඇයයි

ඉන්දීය අගවිනිසුරු එන්.වී රාමනා ඉදිරියේ ද්‍රෞපදී මුර්මු ජනාධිපති ධූරයේ දිවුරුම් දීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඇය මහත්මා ගාන්ධිගේ ස්මාරකය වෙත අද (25) උදෑසන ගොස් ගෞරව දක්වා තිබෙනවා.