පාකිස්ථානයේ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමක

පාකිස්ථානයේ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමක

වෛද්‍ය උපකරණ සහ ඇඳන් ඇතුලු පහසුකම් හිඟය හේතුවෙන් පාකිස්ථානයේ රෝගීන් සහ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ නගර ගණනාවක මාතෘ වාට්ටු සහ ළදරු ඒකක පිරී ගොස් ඇති අතර, එක් ඇඳක ළදරුවන් හතර දෙනෙකු පමණ සිටින තත්වයක් උද්ගතව ඇති බවයි.

ගර්භනී වාට්ටුවල ද එක් ඇඳක මව්වරුන් දෙදෙනෙකුට වඩා සිටින අවස්ථා පවතින බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.

1998 වසරෙන් පසු පාකිස්ථානයේ ළදරු ඒකක මෙන්ම රෝහල් පහසුකම් පුළුල් කිරීමට කිසිදු රජයක් පියවර ගෙන නොමැති තත්වයක් තුළ වර්තමානයේ මෙම අර්බුදකාරී තත්වය උද්ගතව ඇති බව සඳහන්.

දිනකට සිසේරියන් සැත්කම් ඇතුලු දරු ප්‍රසූතින් 23 ක් සිදු කෙරුණ ද ඒ සඳහා ඇතැම් රෝහල්වල පවතින්නේ එක් ශල්‍යාගාරයක් පමණක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

COMMENTS