ගෝඨාභයට සිංගප්පූරුවේ රැඳී සිටීමට තවත් දින 14ක් අවසර දෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ රැඳී සිටීම තවත් දින 14කින් දීර්ඝ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
රොයිටර් පුවත් සේවය ඒ බව වාර්තා කරනවා.
ඔහු සති දෙකකට පමණ පෙර පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට පැමිණි විට නිකුත් කරන ලද ඔහුගේ කෙටි කාලීන සංචාර බලපත්රය අගෝස්තු 11 වැනි දිනෙන් අවසන් වන බව යි වාර්තා වෙන්නේ.


