රාහුල් ගාන්ධි අත්අඩංගුවට

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි දිල්ලි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
ඒ නවදිල්ලියේ අධිආරක්ෂිත කලාපයක බිම වාඩිවී විරෝධතාවයේ නිරතවීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
ඉන්දීය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිට එල්ල කර ඇති චෝදනා කිහිපයකට විරෝධය පළ කරමින් ඇයගේ පුත් රාහුල් ගාන්ධි මෙලෙස විරෝධතාවයේ නිරතවී තිබුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පොලිස් භාරයට ගත් රාහුල් ගාන්ධි පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තාවී නොමැති බවයි.

