හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මතයි

හදිසි නීතිය වැඩි ඡන්ද 57කින් සම්මතයි

මීට ටික වේලාවකට පෙර අවසන් වූ හදිසි නීතිය දීර්ඝ කිරීමේ ඡන්ද විමසීමේ දී හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්ෂව ඡන්ද 120 ලැබී තිබුණා.

හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව ලැබී තිබුණු ඡන්ද සංඛ්‍යාව 63 යි. මේ අනුව හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 57කින් සම්මත කෙරුණා.

හදිසි නීති අණපනත් අනුව එය ක්‍රිය ක්‍රියාත්මක අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ටත්, සිවිල් ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩක්‍රියා, උද්ඝෝෂණ, අරගල ආදිය මර්දනය කිරීම සඳහා බලය යෙදවීම මෙන් ම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේ බලය ද හිමිවෙනවා.

මේ අතර ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන පක්ෂ නායකයින් නව දෙනාගේ කණ්ඩායමට අයත් විමල් වීරවංශ හදිසි නීතියට පක්ෂව ඡන්දය දීම විශේෂත්වයක්.

මීට අමතරව පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා සහ නාලක ගොඩගේවා වැනි මන්ත්‍රීවරුන් හදිසි නීතියට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී විමසුණු රහස් ඡන්දයක් හරහා බලයට පත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බලය උරගා බැලූ පළමු අවස්ථාව ද මෙයයි.