අගෝස්තු 9 විරෝධතාවයකට සහභාගීවීමේ තීරණයක් සජබය අරන් නැහැ

අගෝස්තු 9 විරෝධතාවයකට සහභාගීවීමේ තීරණයක් සජබය අරන් නැහැ

අගෝස්තු 9 වනදා පැවැත්වෙන කිසිදු විරෝධතාවකට සහභාගී වීම සඳහා පක්ෂය නිල තීරණයක් ගෙන නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා.

අද(29) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ඔහු වැඩි දුරටත් කියා සිටියේ, පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

පසුගිය 27 වැනි දා පාර්ලිමේන්තු සභා වාරය තුළ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ, දූෂිත දේශපාලකයන්ට එරෙහි අවසන් සටන ලෙස සැලකෙන, එළැඹෙන අගෝස්තු 9 වැනිදා පැවැත් වීමට නියමිත විරෝධතාවකට තමන් ඇතුළු පිරිසක් සහභාගි වන බවයි.

කෙසේ නමුත් වැඩි දුරටත් අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාගෙන් ම ඇසිය යුතු බවයි.

එසේ ම, වැඩිදුරටත් අදහස් දැක් වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ, අරගල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම්වලට සහ පොලිසිය සිදුකරන වැටලීම්වලට තම පක්ෂය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවයි.

COMMENTS