IMF සිහිනය බොඳවිය හැකියි – පාඨලී චම්පික

IMF සිහිනය බොඳවිය හැකියි  – පාඨලී චම්පික

ආර්ථික අර්බුදයෙන් ගොඩ යෑම සඳහා ශ්‍රී ලංකාවට ඇති එක ම විකල්පය වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ සිහිනය බොදවිය හැකි එබැවින්, වෙනත් විකල්ප වෙත අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටින්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

එහි දී මන්ත්‍රීවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට නම්, ලංකාවට ණය ලබා දී ඇති සියළු පාර්ශ්වයන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබෙන පසුබිමක, ලංකාවේ ප්‍රධානතම ණය හිමියා වන චීනය සමග ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාකච්ඡා ආරම්භ කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබෙන බවයි.

තව ද, මේ වන විට රටවල් කිහිපයක් ම ඔවුන්ගේ රටවල ආර්ථික සුරක්ෂිතතාවය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය බලාපොරොත්තු වන බැවින් සියල්ලන්ට ම තමන් ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවස්ථාව ණය හිමියන් විසින් ලබා දෙනු ඇද්ද යන්න සැක‍ය මතු වන බව මන්ත්‍රීවරයා මෙහි දී සඳහන් කරනවා.

(මන්ත්‍රීවරයා විසින් නිකුත් කර තිබෙන ට්වීටර් පණිවිඩය පහතින්)

COMMENTS