හිටපු ජනපති මෙරටට පැමිණි පසු ඔහුට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් ආරම්භ කළ යුතුයි

හිටපු ජනපති මෙරටට පැමිණි පසු ඔහුට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් ආරම්භ කළ යුතුයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි පසු ඔහුට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් යළි ආරම්භ කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලාංකික පුරවැසියෙකු නිසා සිවිල් වැසියෙකු ලෙස මෙරටට පැමිණීමට අයිතියක් ඇති බවයි.

කෙසේ නමුත් ඔහු තවදුරටත් රටේ ජනාධිපතිවරයා නොවන බැවින් ඔහුට ජනාධිපති මුක්තිය ද දැන් නොමැති බැවින්, හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති නඩු විභාග කර නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ඔහු පවසනවා.

එසේ ම මන්ත්‍රීවරයා කියා සිටියේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට රජය ගන්නා නිවට ක්‍රියා නතර කළ යුතු බවයි.

ජනතාව මුහුණ දෙන ඉන්ධන, ගෑස්, පොහොර, ඖෂධ හිඟය විසඳීමෙන් පමණක් අරගලය නැවැත්විය හැකි බවත්, මර්දනයෙන් හෝ බිය ගැන්වීමෙන් අරගල කිසි විටෙකත් නැවැත්විය නොහැකි බවත්, දේශපාලන අර්බුදය තවත් නරක අතට හැරෙනු ඇති බවත්, එමගින් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම ප්‍රමාද වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

COMMENTS