යුක්රේනයේ සිරකඳවුරකට රුසියාවෙන් දරුණු ප්‍රහාරයක්

රුසියානු – යුක්රේන යුද අර්බුදය තුළ මේ වනවිට යුක්රේනය විසින් යටත් කරගනු ලැබූ ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් යුක්රේන යුද සිරකරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රතු කුරුස සංවිධානය එක්ව විමර්ශනයක් ඇරඹීම සිදු කළ යුතු බව යුක්රේනය පවසනවා.
අදාළ ප්‍රහාරයෙන් යුක්රේන සිරකරුවන් 50කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ සම්බන්ධයෙන් රතු කුරුස සංවිධානය විසින් ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම සංවිධානය පැවසුවේ, යුක්රේනයේ ප්‍රහාරය එල්ල වූ කලාපයට ඇතුළු වී තුවාලකරුවන් ඉවත් කිරීමත්, ඔවුන්ට ප්‍රතිකාර කිරීමටත් බන්ධනාගාර ප්‍රවේශයට පිවිසීමට උත්සාහ කරමින් සිටින බවයි.
මේ වනවිට රුසියාව සහ යුක්රේනය විසින් දෙපාර්ශ්වය වෙත මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින් සිටිනවා.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදී ඩොනෙට්ස්ක් මහජන සමූහාණ්ඩුව විසින් පාලනය කරනු ලබන ඔලනිව්කා සිර කඳවුර වෙතයි.
යුක්රේන රජයේ චෝදනාව වන්නේ වධහිංසා පමුණුවා මරා දැමෙන මෙම කඳවුරේ සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් රුසියාව විසින් මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබූ බවයි.
යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ද අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
රුසියානු විරෝධී හා විවේචනාත්මක අර්ථකථනයක් වන එහි ඇත්තේ, ” මෙය රුසියාව විසින් හිතාමතා සිදු කළ යුද අපරාධයක්” බවයි.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් රුසියානු රජය පවසා ඇත්තේ, යුක්රේනය රොකට්වලින් මෙම ප්‍රහාරය සිදුකර ඇති බවයි.
බන්ධනාගාරගත රැඳවියන් අතර අසෝව් බලඇණියේ සාමාජිකයින් ද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මොවුන් ඊනියා නාසිවාදය පෙරදැරි කරගත්තවුන් ලෙසත් විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

