ලබන සතියෙත් පාසල් පැවැත්වෙන්නේ දින 3යි

පසුගිය සතියේ පාසල් පැවැත්වූ ආකාරයට ම අගෝස්තු මස 1 දා සිට 5 වන දා දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමත්‍යංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව සඳහන් කර තිබේ.
ඒ අනුව, රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමට නියමිත ය.
බදාදා සහ සිකුරාදා දිනවල සිසුන්ට නිවෙස්වල සිට ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙනු ඇත.
අද (ජූලි 30) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී එම තීරණයට එළඹ තිබේ.

