අරගලයේ ක්‍රියාකාරීන් මර්ධනය කිරීම හෙළා දකිනවා – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ වත්මන් පාලනය විසින් අරගලයේ ක්‍රියාකාරීන් මර්දනය කිරීම හෙළා දකින බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටින්නේ, අරගලයේ ක්‍රියාකාරීන්ට එරෙහි ක්‍රියාතක්මක වන මර්දනය වහා නතර කරන ලෙසය.
අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදීභාවය සමග තමන් සිටින බවත් මෙම රජයේ නීති විරෝධි ක්‍රියාවට එරෙහිව විරෝධය දැක්වීමට ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගන්නා බවත් එම නිවේදනයේ සඳහන් ය.
වික්‍රමසිංහ – පොහොට්ටු රජයට කිසිදු නීත්‍යානුකූලභාවයක් නොමැති බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරයි.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ, අරගලය ක්‍රියාකාරීන් දඩයම් නොකර වහාම නව ජනවරමක් සහිත දේශපාලන ක්රමයේ නීත්‍යානුකූලභාවය යළි ස්ථාපිත කරන ලෙසය.

