යුරෝපයේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

යුරෝපයේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී තිබේ.
එරටින් මේ වනවිට හඳුනාගෙන ඇති මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 4,298 කි.

ඒ අතරින් රෝගීන් 3,750 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 120 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සෙනසුරාදා මන්කිපොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය.

ඒ, ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා යාමත් සමඟයි

මේ වනවිට ලොව රටවල් 78 කින් මන්කිපොක්ස් ආසාදිතයින් හමුවී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ යුරෝපය බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

https://bit.ly/3ON2Sgb