හිට්ලර්ගේ ඔරලෝසුව ඩොලර් මිලියනයකට අලෙවිවෙයි

ජර්මනියේ හිටපු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් භාවිත කළ බවට පැවසෙන අත් ඔරලෝසුවක් අමරිකාවේ – මේරි ලෑන්ඩ් ප්‍රාන්තයේ පැවති වෙන්දේසියකදී අමරිකානු ඩොලර් මිලියන 1 යි දශම 1කට අලෙවි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අත් ඔරලෝසුවේ ඒ. එච්. නමින් අකුරු දෙකක් ද සටහන්ව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම වෙන්දේසිය යුදෙව්වන් විසින් හෙළා දැක තිබෙනවා.
ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ 1933 වසරේ සිට 1945 දක්වා පාලකයා ලෙස කටයුතු කළ අතර මිලියන 6කට අධික යුදෙව්වන් ඝාතනය කළ නායකයෙකු බවටයි ඉතිහාසගතව ඇත්තේ.

