ඇමරිකා ජනාධිපතිට යළිත් කොවිඩ්

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ වෛද්‍යවරයා පවසනවා.
79 වියෙහි පසුවන ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට පළමුවරට වෛරසය වැළදුනේ පසුගිය 21 වන දායි. ඔහුට එහි දී මෘදු රෝග ලක්ෂණ පැවැති බව සඳහන්. කෙසේ වෙතත් පසුගිය දා නැවතවරක් ඇමරිකා ජනාධිපතිවරයාගේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමෙන් හෙලිව ඇත්තේ නැවතත් කෙරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි. කෙසේ වෙතත් ඔහුගේ තත්වය බරපතල නොවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

