තරුණ අවංක නායකත්වයක් මේ බිම හොයනවා, නායකත්වය දෙන්න සූදානම්

තරුණ අවංක නායකත්වයක් මේ බිම හොයනවා, නායකත්වය දෙන්න සූදානම්

මීළඟ ජනාධිපතිවරණයට තරුණ බලවේග එකතු කර ගනිමින් දෙවැනි පරපුරේ නායකයා ලෙස තමා ඉදිරිපත්ව රටේ බලය අල්ලන බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහුගේ ඉදිරි මැතිවරණ සැලසුම් ගැන කරුණු රැසක් අනාවරණය කළා.

එම සාකච්ඡාවේදී දැක්වූ අදහස්,

මේ රටේ පැහැදිළිවම මේ මොහොතේ තරුණ කණ්ඩායම් මේ බිම හොයනවා, තරුණ අවංක නායකත්වයක් මේ බිම හොයනවා.

ප්‍රශ්නය:- ඔබ සූදානම්ද නායකත්වය දෙන්න

පිළිතුර:- ඔව් දෙවන පරපුර සූදානම්

ප්‍රශ්නය:- ඔබ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට දෙවන පරපුර විදිහට තරඟ කරනවාද ?

පිළිතුර:- පැහැදිළිවම අපි මේ ඡන්ද ක්‍රමය තුළ තමයි ඉදිරිපත් වෙන්නේ.

ප්‍රශ්නය:- ජනාධිපතිවරණයටත් ඉදිරිපත් වෙනවාද ?

පිළිතුර:- අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා.

සිය පියා විසින් නිර්මාණය කල දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණට ද උවිදු විජේවීර එහිදී චෝදනා රැසක් එල්ල කර තිබුණා.

විජේවීරගේ ප්‍රතිපත්තිත් එක්ක ගැට ගැහිච්ච දැක්මත් එක්ක ගැට ගැහිච්ච ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ බිමේ දේශපාලනයක් කරන්නේ නැහැ ඒ ප්‍රතිපත්තිත් එක්ක එහෙම එකක් නැහැ. යනුවෙන් පැවසීය.