හෙට සිට ඉන්ධන නිකුත් කිරීම QR කේතයට පමණයි

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර්. ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක් පවතින හෙයින් හෙට දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනිමට උත්සාහ නොකරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ.
මේ අතර, ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය සඳහා අද (31) සිට වාහන ආදායම් බලපත්‍ර අංකයට අනුව ද ලියාපදිංචි විය හැකියි.
ඒ අනුව වාහනයේ චැසි අංකයෙන් කිව් ආර් ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට මෙලෙස ආදායම් බලපත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හිමිවනවා.
මේ වනවිට කිව් ආර් ක්‍රමවේදය සඳහා ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 4,691,149 ක්. එයින් රථ වාහන 4,159,367 ක් පෙට්‍රල් වාහන වන අතර, 532,571 ක් ඩීසල් වාහන වනවා.
මේ අතර, සියලුම ත්‍රිරෝද රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නම ඉන්ධන පිරවුම්හල නම් කර ලබාදිය යුතුයි.
ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමට කටයුතු කරනු ලබනවා.
අද දිනයේදී ඉන්ධන නිකුත් කෙරෙන්නේ වාහන අංක තහඩුවේ අවසාන අංක 3, 4 සහ 5 සඳහායි.

