රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේන ආර්ථිකයේ දැවැන්තයා මරුට

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේන ආර්ථිකයේ දැවැන්තයා මරුට

රුසියානු යුක්‍රේන යුද අර්බුදය මැද රුසියාව එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිටි විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරික ‘ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි (Oleksiy Vadatursky) හා ඔහුගේ බිරිඳ වන ”රයිසා” (Raisa) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

යුක්‍රේනයේ පිහිටි දකුණු දිග ප්‍රදේශයේ නගරයක් වන මයිකොලයිව් වෙත එල්ල කරනු ලැබූ රුසියානු ප්‍රහාරයෙනුයි මෙම ධනවත්ම ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

74 හැවිරිදි වියෙහි පසුවූ Oleksiy Vadatursky හා ඔහුගේ බිරිඳ ජීවත්වන නිවසට ඊයේ (31) රාත්‍රියේදී රුසියානු මිසයිලය වැදී තිබෙන බවයි යුක්‍රේනයේ ප්‍රාදේශීය බලධාරින් පැවසුවේ.

යුක්‍රේන රජයෙන් ධනවත් ව්‍යාපාරිකයින්ට පිරිනමන සම්මානය ද දිනා ඇති මෙම ව්‍යාපාරිකයා සතුව ධාන්‍ය අපනයනයට සම්බන්ධ Nibulon නමැති විශාල සමාගමක් ද තිබෙනවා.

යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි නිවේදනය කළේ ධාන්‍ය අපනයන රාජ්‍යයක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන තම රටෙහි මෙවන් ව්‍යාපාරිකයෙකු ඝාතනය වීම දැඩි සංවේදී සිද්ධියක් වන අතර, එය යුක්‍රේන ආර්ථිකයට දැඩි පාඩුවක් බවයි.

මෙම මරණය සම්බන්ධයෙන් Mykolaiv නගරයේ නගරාධිපතිවරයා ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පැවසුවේ මෙය මෙතෙක් එම නගරයට එල්ල වූ දරුණුතම රුසියානු බෝම්බ ප්‍රහාරය විය හැකි බවයි.

රුසියානු ෂෙල් ප්‍රහාරයෙන් යුක්‍රේන පාසල් දෙකකට, ක්‍රීඩා සංකීර්ණයකට, හෝටලයකට මෙන්ම නිවාස රැසකට විශාල හානි සිදුව තිබෙනවා.

https://bit.ly/3BvELzq