අසල්වැසි රටෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

ඉන්දියාවෙන් වාර්තා වන පළමු වඳුරු උණ ආසාදිත මන්කිපොක්ස් (Monkeypox) මරණය වාර්තා වී තිබෙනවා.
ඒ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ දියි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දියාවෙන් මේ වනවිට වඳුරු උණ ආසාදිතයින් සිව්දෙනෙකු වාර්තා වී ඇති අතර, එහි විශේෂත්වය වන්නේ ඉන් තිදෙනෙකුම කේරළ ප්‍රාන්තයේ වැසියන් වීමයි.
මියගිය තරුණයා දින කිහිපයකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර, ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

