මියන්මාරයේ මිලිටරි පාලනය 2023 දක්වා හදිසි නීතිය දීර්ඝ කරයි

මියන්මාරයේ හමුදා පාලනය 2023 දක්වා එරට හදිසි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ජෙනරාල් මින් අවුංගේ පාලන තන්ත්‍රය ප්‍රථම වරට හදිසි නීතිය දීර්ඝ කළේ, පසුගිය අගෝස්තු මාසයේ දී වන අතර, එම නියෝගයෙන් ලබා දුන් බලතල යටතේ ඔහු තමා අගමැති ලෙස ද පත් කර ගත්තා.
ජෙනරාල් මින් අවුංගේ මිලිටරි ජුන්ටාව පසුගිය වසරේ බලය අල්ලා ගත්තේ, ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයක් ජය ගනිමින් පත් වූ අවුන් සාං සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී) ප්‍රමුඛ රජය පෙරළා දැමීමෙන් පසුවයි.
කෙසේ නමුත්, හදිසි නීතිය දීර්ඝ කිරීමේ අදාළ තීරණය ගනිමින් ජෙනරල් මින් අවුංගේ කියා සිටියේ, රට ස්ථාවර කිරීමට තවත් කාලයක් අවශ්‍ය බවයි.

