රනිල්ගේ අඛණ්ඩ පැවැත්මට ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනමනවා – ඩලස්

සම්මුතිවාදි රජයක් පිහිටුවිම වෙනුවට ප්‍රතික්ෂේප වූ දේශපාලඥයින් ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරුවලට පත්කිරීමේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිසංස්කරණ බවට මෙතෙක් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
තමාට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සනසාලීම සහ ප්‍රතික්ෂේප වූ පක්ෂ හිතවතුන්ට ත්‍යාග පිරිනැමීම පැරණි ජඩ ක්රමයේම අඛණ්ඩ පැවැත්මක් බවද ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂ ස්වාධීන වූ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තීරණය කර තිබේ.
එහි නායකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් දරනු ඇති බවද වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ පක්ෂ සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමෙන් පසු දිස්ත්‍රික් හා ආසන මට්ටමෙන් මැතිවරණ ජාලයක් ගොඩ නැගීමත් ජාත්‍යන්තර හා දේශීය දේශපාලන සංවිධාන සමඟ සබඳතා ගොඩනැගීමටත් ඔවුන් අරමුණු කර සිටී.

