සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්

සහල් ආනයනය නතර කිරීමේ තීරණයක්

සහල් ආනයනය දෙසැම්බර් මස දක්වා අත්හිටුවන ලෙසට අමාත්‍ය මණ්ඩලයෙන් අද (01) ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කෘෂිබීජ ආනයනකරුවන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අවශ්‍ය ප්‍රමාණයට සහල් රටේ දැනට පවතින බැවින් සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලීමට කෘෂිකර්ම අමාත්‍යවරයා තීරණය කර ඇත.

පසුගිය යල කන්නයේ වී අස්වැන්න ද බරපතළ ලෙස අඩු වූ අතර, චීනය, ඉන්දියාව හා බුරුමය වැනි රටවලින් මෙරටට අවශ්‍ය සහල් ආනයනය කිරීමට ද සිදු වුණා.