මැතිවරණ කොමිෂමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබේ.
එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ලබන සඳුදා පෙරවරු 10.00ට මෙම කැඳවීම සිදු කර ඇති බවයි.
පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැතිවරණ නීති සංශෝධනය සඳහා ක්‍රියාත්මක වූ කාරක සභා වාර්තාවේ යෝජනා පිළිබඳව මෙහිදී පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ජා කිරිමට නියමිතව ඇතැයි, සභාපතිවරයා සඳහන් කළේ ය.

