පොලීසිය රැට්ටව අත්අඩංගුවට ගන්න ආවේ ෆේස් බුක් පොස්ට් එකක් දැකලා – ඩිලාන් සේනානායක (වීඩියෝ)

ගාලු මුවදොර ජන අරගලයට නායකත්වය දුන් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ (01) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවීමෙන් අනතුරුවයි.
රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ට ප්‍රකාශයක් ලබා දීමට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස පසුගියදා දැනුම් දී තිබුණා.
ඊයේ පෙරවරුවේ ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි පසු පැය ගණනාවක් රැට්ටා ගෙන් ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ඔහුව කොම්පඤ්ඤ වීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.
මේ සම්බන්ධව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක මාධ්‍යට අදහස් දක්වා සිටියා මෙලසින්,
මැයි 21 වනදා පැවති විරෝධතාවකට සහභාගී වී පොදු දේපලට හානි කොට රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා බාධා ඇති කළ බවට වන චෝදනා මත ඔහු අත්තඩංගුවට ගත් බව පොලිසිය පැවසු බව ඩිලාන් සේනානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
මීට අමතරව ඔවුන් අපරාධ කොට්ඨාශයට පැමිණෙන බවට ෆේස් බුක් පෝස්ට් එකක් දැමු බවත් පොලීසිය ඒ ඔස්සේ පැමිණ රතිඳුව අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසු බව ඩිලාන් සේනානායක වැඩි දුරටත් මාධ්‍ය වෙත කියා සිටියා.

