පාකිස්තානයේ හමුදා හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙළයි

පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම දැමීමට තමන් සමත් වූ බව බෙදුම්වාදී සටන්කාමී සංවිධානයක් ප්‍රකාශ කරනවා.
මෙම ප්‍රහාරයෙන් යානයේ ගමන් කළ පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
කෙසේ වෙතත් පාකිස්තාන හමුදා සඳහන් කරන්නේ හෙලිකොප්ටර් යානය ඇදවැටී ඇත්තේ අයහපත් කාලගුණය නිසා බවයි.
බලුකිස්තානයේ ක්‍රියාත්මක බලෝක් රාජි ආජෝයි සංග නමැති සටන්කාමී සංවිධානය සදහන් කළේ සිය සටන්කරුවන් පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානයට ගුවන් යානා නාශක අවි භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල කළ බවයි.
බලෝක් ජනවර්ගය පාදක කර ගනිමින් මෙම සටන්කාමී ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා.

