චන්ඩි පාට් දැම්මොත් අතපය කඩා ගන්න වෙයි, සනත් නිශාන්තගෙන් තර්ජනයක් (වීඩියෝ)

චන්ඩි පාට් දැම්මොත් අතපය කඩා ගන්න වෙයි, සනත් නිශාන්තගෙන් තර්ජනයක් (වීඩියෝ)

තමන්ගේ සාමකාමි අරගල සිදු කිරීමට ගැටලුවක් නැති නමුත් ජනාධිපති මන්දිර, අරලිය ගහ මන්දිර අල්ලා ගැනීමට ආවොත් අතපය කඩා ගැනීමට සිදුවෙනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

ඒ පසුගිය (28) වැනිදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අරගලකරුවන්ට තමන්ගේ සාමකාමී අරගලය නම් කරගන්න තියෙන්නේ ඒකට ගැටලුවක් නෑ. තමන්ට ඕන විදිහට ඒ සාමකාමී අරගලය කර ගන්න පුළුවන්. චණ්ඩිපාට් දාන්න බෑ. අරලිය ගහ මන්දිරය අල්ලන්න, ජනාධිපති මන්දිරය අල්ලන්න, ජනාධිපති ලේකම් කාර්යාලය අල්ලන්න ආවොත් අතපය කඩා ගන්න වෙයි” යනුවෙන් පැවසීය