ජනපතිගේ ආරාධනාව පිළිගන්නවා – විපක්ෂ නායක

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වා දීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳ සංවාදයකට ජනාධිපතිවරයා කර ඇති ආරාධනය පිළිගන්නා බව සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව පවසන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමිනි.
දැනට රටේ උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුද නිමකොට ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ගය ගැනීමේ අවශ්‍යතාවය ද සමගි ජන සන්ධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම ලිපියෙන් පෙන්වා දෙයි.

