රනිල්ට මාස දෙකක් දීලා බලමු – රතන හිමි

රනිල්ට මාස දෙකක් දීලා බලමු – රතන හිමි

“රනිල් ගෝ හෝම්” නො කියා රට ඉදිරියට ගෙන යෑමට මාස දෙකක් වත් ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවත්, එසේ රට ඉදිරියට ගෙන යාමට නොහැකි වූව හොත්, අරගලයේ මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමට සූදානම් බව අතුරලියේ රතන හිමි ප්‍රකාශ කරනවා.

උන් වහන්සේ ඒ බව කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැඩි දුරටත් මාධ්‍ය ඉදිරියේ උන් වහන්සේ කියා සිටියේ,

සර්වපාක්ෂික ආණ්ඩුවක් උදෙසා ක්‍රියා කිරීම, විසි දෙවෙනි සංශෝධනය වහා ම ක්‍රියාත්මක කිරීම, දැනට උද්ගතවී ඇති ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් විසඳුම් සොයා ගැනීම, දේශීය සම්පත් ආරක්ෂා කර ගැනීම සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම, තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, විදුලි අර්බුදයට විකල්ප ක්‍රමවේදයන් සකස් කිරීම, ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් තම පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයා වෙත ලිඛිතව භාර දුන් බවයි.