පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි – ජනපති රනිල්

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි – ජනපති රනිල්

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද (05) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය සිදු කරමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ජනපති රනිල් වැඩි දුරටත් දැක්වූ අදහස්,

“කුමන හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පක්ෂයක් ඊට එකඟ නොවන්නේ නම්, ඒ සඳහා ඇති විසඳුම කුමක් ද? විකල්පය කුමක් ද? යන්න ඇසීමට අයිතියක් ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

සියලු පක්ෂ මේ සඳහා එකඟත්වය පළකර යුතු යි. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමේදී අපිට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ රජයන් මාරුවන විට ප්‍රතිපත්ති වෙනස්වීම යි.

අපි සිතා බැලිය යුතුයි අපි ඒ සඳහා සූදානම් ද යන වග. එය පාර්ලිමේන්තුව මගින් ප්‍රතික්ෂේප කරන්නේ නම් ඔවුන් එහි ප්‍රතතිවිපාකවලට මුහුණ දෙන්න ඕන. ඒක හරි ම පැහැදිලියි. ලෙඩක් සනීප කරගන්න දෙන බෙහෙත් තිත්තයි. එන්නත් විදගන්න වෙනවා. ඉදිරිය කාලය නියත වශයෙන් ම දුෂ්කර කාලයක් වෙනවා. මම නැහැ කියන්නේ නෑ. පළමු මාස 6 අමාරු වේවි. අපි කලින් දැකපු කාලයක් වෙන එකක් නැහැ ඒක. අපි හැමෝටම ඊට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

අපිට පරණ ආර්ථිකයට යන්න බැහැ. අපිට ඒ මොඩලයට යන්න බැහැ. අපි වෙනස්වීම්වලට අනුගත වුණේ නැහැ. ගෝලීයකරණය එක්ක ඉදිරියට ගියේ නැහැ. අද අපි එහි ප්‍රතිඵල තමයි භුක්ති විඳින්නේ මේ. ඒ නිසා පරණ ක්‍රමයට ම ගිහින් ආපහු හිරවෙන්න අපිට අවශ්‍යතාවක් නැහැ. අපි අලුතින් හිතමු.

මෙයයි අපිට ආර්ථීකය ප්‍රකෘතිමත් කළ හැකි මාර්ගය. එහෙත් නියත වශයෙන්ම ඉදිරි කාලයේදී දුෂ්කර විය හැකියි. මම එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පළමු මාස 6ක කාලය ඉතා දුෂ්කරයි. අපිට කෙදිනකවත් අත්නොවිඳි කාලයක් නමුත් එය අප විසින් පසුකළ යුතුයි. අපිට ආපසු හැරිය නොහැකියි. පැරණි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵල තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ නිසා අපි එම ක්‍රමයට නැවත අවතීර්ණය වීම තේරුමක් නැහැ. අපි අලුතින් සිතමු.” යනුවෙන් පැවසීය

COMMENTS