ඇමති තනතුරු බෙදා ගැනීමේ ඩීල්වලට අපි එකතුවෙන් නෑ – සජිත් ප්‍රේමදාස

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සදහා රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් පොදු ගමනක් යාමට තීර්ණය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
සමගි ජන බලවේගයේ දැරණියගල ආසන බලමණ්ඩල රැස්වීමට අද (06) එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා.
එය සර්ව පාක්ෂික, ඒකාබද්ධ රට ගොඩනගන වැඩපිළිවෙළක් වන අතර එහි දී කිසිදු ආකාරයක ඇමති ධුර ඇතුළු තනතුරු බෙදා ගැනීම වැනි ඩීල්වලට එකතු නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.
සමගි ජන බලවේගයේ යෝජනාව වන්නේ සවිබල ගැන්වූ බලයක් සහිත විධායක පාර්ලිමේන්තු කමිටු නැවත ආරම්භ කළ යුතු බව වන අතර එහි දී මැති ඇමතිකම් ලබාගෙන ඒ බර ජනතාවට පැටවීමක් අවශ්‍ය නොවන බව විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.
පාර්ලිමේන්තුවේ බලයක් සහිත කමිටු හරහා රට ගොඩනගන හොඳ වැඩවලට සහාය දිය හැකි බව ද ඔහු කියසිටියා.
පසුගිය කාලයේ තිබූ ඇමති තනතුරු ලබා ගැනීමට යොමු නොවී රට සෞභාගය සම්පන්න රටක් බවට පත්කර ගැනීම උදෙසා පොදු වැඩපිළිවෙලකට සහාය ලබා දෙන බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.

