මල්ලවපොර ඉතිහාසය වෙනස් කළ නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්

මල්ලවපොර ඉතිහාසය වෙනස් කළ නෙත්මිගෙන් ලෝකඩ පදක්කමක්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස වාර්තා පොත් අතරට එක්වන්නට නෙත්මි අහිංසා පෝරුතොටගේට ඊයේ (5) හැකියාව ලැබුණා.

ඒල මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙමින්.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කමද මෙය වෙනවා.

පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් මල්ලට තවත් ලෝකඩ පදක්කමක් පුරවන්නට 18 හැවිරිදි නෙත්මි අහිංසා පොරුතොටගේට හැකියාව ලැබුණා.

ඒ කිලෝග්‍රෑම් 57 බර පංතියේ මල්ලවපොර ඉසව්වෙන්.

ලෝකඩ පදක්කමේ සටනට නෙත්මි අහිංසා සමඟින් තරගබිමට පිවිසුණේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක්.

මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව ඇදබැඳ තබා ගනිමින් තරගයේ ලකුණු 10ට 0ක් ලෙසින් ජය තහවුරු කරගන්නට මේ යොවුන් මල්ලවපොර ක්‍රීඩිකාවට හැකියාව ලැබුණේ ශ්‍රී ලංකා මල්ලවපොර පුහුනුකාර්ය මණ්ඩලය සහ සිය සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අමන්දානන්දයට පත්කරමින්.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගනිමින් සමස්ත පදක්කම් සටහනේ 25වැනි ස්ථානයේ පසුවනවා.