කැරැල්ල මැඩලන්න පුළුවන් මර්දනයකින් පමණයි – නාමල් රාජපක්ෂ

කැරැල්ලක් නිර්මාණය වූ විට එය මැඬපැවැත්විය හැක්කේ මර්දනයකින් පමණක් බවත් ඒ සඳහා වෙනත් ක්‍රමවේදයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ පෙරේදා (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී දැක්වූ අදහස්,
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදියට මේ රටට හිතකර සෑම කාරණයකදීම අතිගරු ජනාධිපතිතුමාට අපි සහාය ලබාදෙනවා”
ප්‍රශ්නය – මේ වනවිට අරගලකරුවන් ඉවත්වෙමින් පවතිනවා. ඒ සමගම මේ වනවිට මර්දනය ක්‍රියාත්මක වෙනවා කියනවා ?
පිළිතුර :- “කැරැල්ලක් නිර්මාණය කළොත් කැරැල්ල මැඬපවත්වන්න පුළුවන් මර්දනයකින් පමණයි. එහෙම නැතුව වෙන ක්‍රමවේදයක් නැහැ නෙ”
ප්‍රශ්නය – මේ ක්‍රමවේදය හොඳයි කියලාද කියන්නෙ ?
පිළිතුර :- “පළවෙනි කාරණය තමයි නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනෙ. ඉතින් මේ ගෝල්ෆේස් කියන්නෙ පොඩි ප්‍රශ්නයක් විතරයි” යනුවෙන් පැවසීය

