ගාසා තීරයේ සටන් උත්සන්න වෙයි

ගාසා තීරයේ සටන් උත්සන්න වෙයි

ගාසා තීරයේ ගුවන් ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමේ දෙවන ප්‍රධාන සටන්කාමියෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.මියගිය පලස්තීනුවන් 28 දෙනා අතර ළමුන් හය දෙනෙකු සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් කණ්ඩායමේ සටන්කාමීන් කිහිප දෙනෙකු ද නායකයන් වන කලෙද් මන්සූර් සහ ටයිසීර් ජබීර් ද වනවා.

සිකුරාදා සිට ඊශ්‍රායලයට පලස්තීන රොකට් සහ මෝටාර් ප්‍රහාර 400කට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇති බව ඊශ්‍රායල නිලධාරියෙකු සඳහන් කළා. පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයෙන් ක්ෂණික තර්ජනයක් ඇති වීම හේතුවෙන් තමන් මෙහෙයුම් දියත් කළ බවයි ඊශ්‍රායලය පවසන්නේ. 2021 මැයි මාසයේ දින 11 ක ගැටුමකින් පලස්තීනුවන් 200 කට වැඩි පිරිසක් සහ ඊශ්‍රායල ජාතිකයින් විශාල පිරිසක් මිය ගියා. ඉන්පසු ඊශ්‍රායලය සහ ගාසා තීරය අතර ඇති වූ බරපතලම සිදු වීම මෙයයි.

https://yhoo.it/3bzjzho

COMMENTS