තවම ඉපදුනේ නැති දරුවෙක්ව නලවන්න පුළුවන් කමක් නෑ – මෛත්‍රිපාල සිරිසේන

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වන බවක් පෙන්නුම් කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (06) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ප්රශ්නය – සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන වැඩපිළිවෙල කොහොමද ජනාධිපතිතුමා එක්ක ?
පිළිතුර :- “අපට සාකච්ඡාවලට එන්න කිව්වා, අපි ගියා. දැන් ඒ කටයුතු කිරීම සම්බන්ධයෙන් වගකීම තියෙන්නෙ රජය පැත්තෙ. නමුත් මම හිතන්නෙ දැන් බාධාවක් පේනවා. පාර්ලිමේන්තුවේ සෑහෙන පිරිසක් කැමතියි වගේම තව පිරිසක් සර්ව පාක්ෂික ආණ්ඩුවකට අකමැතියි වගේ”
ප්රශ්නය:- මේ සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්නත් පිරිසක් කකුලෙන් අදිනවාද ?
පිළිතුර:- එහෙම පේනවා
ප්රශ්නය:- පොහොට්ටුවෙද මේ කට්ටිය ? කවුද දන්නෑ ?
පිළිතුර:- ඒක ඉතින් ඔබතුමාලාට හොයාගන්න පුළුවන් නේ
ප්රශ්නය:- ඇමතිකම් ගන්න බලාපොරොත්තු වෙනවද ?
පිළිතුර:- ඉපදුනේ නැති දරුවෙක්ව අපිට තවම නලවන්න පුළුවන් කමක් නැහැ, යනුවෙන් පැවසීය

