හෙටින් ඇරඹෙන සතියේ පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා

හෙටින් ඇරඹෙන සතියේ පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා සහ බදාදා

හෙටින් (08) ආරම්භ වන සතියේ පාසල් සඳුදා, අඟහරුවාදා සහ බදාදා දිනවල පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මීට පෙර එම අමාත්‍යාංශය දැනුම් දුන්නේ සතියට දින 3 ක් ලෙස සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පාසල් පැවැත්වීමටයි.

කෙසේ වෙතත්, එළැඹෙන සතියේ බ්‍රහස්පතින්දා දිනයට නිකිනි පුර පසළොස්වක පොහොය යෙදීම හේතුවෙන් එම දිනය වෙනුවට බදාදා දිනයේ ද පාසල් පැවැත්විය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර, හෙට සිට උතුර පළාතේ සියලුම පාසල්වල අධ්‍යයන කටයුතු දින පහම පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබා දී තිබෙනවා.

එම අමාත්‍යාංශය සදහන් කළේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම නොහැකි තත්ත්වයේ පවතින පාසල් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් තීරණයක් ගත යුතු බවයි.

ඉන්ධන ප්‍රමාණවත්ව සපයා ගැනීම අපහසු දුර බැහැර ප්‍රදේශවල සිටින ගුරුවරුන්ට පමණක් සතියේ දින 03 ක් පාසල් පැමිණීමට අවසර ලබා දී තිබෙනවා.