බත් පැකට්ටුවේ සහ ප්ලේන්ටියේ මිල බසී

ගෑස් මිල අඩු කිරීමත් සමඟ ආපනශාලා ආහාර මිල ගණන් ද අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බත් පැකට්ටුවක මිල සියයට 10ත් 15ත් අතර අගයකින් අඩු කිරීමට යි එම සංගමය තීරණය කර ඇත්තේ.
මීට අමතරව ප්ලේන්ටියක් සඳහා ද ස්ථීර මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව යි ආපණශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියේ.
කෙසේ වෙතත් ගෑස් මිල අඩු වුවත් සිය නිෂ්පාදන අඩු කිරීමට නො හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ. ජයවර්ධන සදහන් කළේ, සිය නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ, කිලෝග්රෑම් 37ත විශාල ප්රමාණයේ ගෑස් සිලින්ඩරය බැවින් එහි මිල අඩු නො වීම නිසා බේකරි නිෂ්පාදනවල මිල ගණන් වෙනසක් නොවන බව යි.

